About the Team
Official Logo The Team Official T-Shirt

හදවතේ ජනාධිපති මහින්ද කණ්ඩායම ලොව පුරා විසිර සිටින දැය හිතකාමී මිනිසුන් කණ්ඩායමකගේ එකතුවකි. සියලු ජාති ආගම් නියෝජනය කරන අප සතුව ඇත්තේ එකම අරමුණකි ඒ ජනවාරි 8 වැනිදායින් පසු අප රටට උදාවූ අදුරු යුගයෙන් අපේ රට ගලවා ගැනීමයි.

මේ ගමනේදී අපට ක්‍රියාකාරීව සහයෝගය දෙන පිරිස අති මහත්ය. රට මුහුණපා ඇති ව්‍යසන පිලිබදව ජනතාව දැනුවත් කිරීමේ මාද්‍ය වරණයට ලක්ව තිබෙන කලක සයිබර් අවකාශය මෙම සන්නිවේදනයට යොදා ගනිමින් එම අඩුව මකාලීම අප කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වුවත් ඉන් තවත් ඉදිරියට ගොස් ක්‍රියාකාරී ලෙස බිම් මට්ටමේ ජනතාව සමගින් සම්බන්ධ වීමද අප විසින් සිදු කරන්නෙමු.

අප සියලුදෙනාම කිසිදු වරප්‍රසාදයක් හෝ වරදානයක් නොලබා සිය කාලය, ශ්‍රමය, මෙන්ම ධනයද මේ සදහා වැය කරන්නේ මාතෘ භූමියට ඇති අප්‍රමාණ ආදරය නිසාමය. මල් මෙන්ම ගල් මුල්ද අප වෙත එල්ල වේ එහෙත් ඒ සෑම විටකම නොබිදෙන සහෝදර බැම්මකින් අපි එකිනෙකා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු. එම සහෝදරත්වය අපගේ ශක්තියයි.

එන්න අප සමග එකතුවන්න.


Home | About the Team | Our Hero | Events | Facebook | Gallery | Videos | Picture Comments | Resources | News | Contact | Privacy Policy