Our Hero
Hon. Mahinda Rajapaksa - Our Hero

ආචාර්ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වේ. ඔහු සුප්‍රසිද්ධ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙකි. 1930 ගණන්වල දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රණ සභිකයෙකු වූ “රුහුණේ සිංහයා” යන විරුදාවලි ලත් ඩී. එම්. රාජපක්ෂ ඔහුගේ මහප්පායි. වසර 30 තිස්සේ පැවති කොටි ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා මෙහෙයුමක් දියත් කර, වසර 3ක් තුළ කොටි සහමුලින් ම තුරන් කිරීමෙන් ඒකීය ලංකාවක් නිර්මාණය කළ සේනාධිනායකයා මොහු ය. යුද ජයග්‍රහණයෙන් පසු 2010 ජනවාරී 26 දින පැවති ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා සමග තරගයට පිවිස ඔහු ඉදිරිපත් කල සියළු චෝදනා පරාජය කරමින් ජයග්‍රහණය ලබා නැවතත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති බව‍ට පත්වීය.

කීර්තිමත් දේශපාලන චරිතයක් වන ඩී.ඒ.රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ පියාය. ඔහු තම සොහොයුරා මෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. ශිරන්ති වීක්‍රමසිංහ මෙනවිය සමඟ විවාහ වු ජනාධිපති රාජපක්ෂ පුතුන් තිදෙනෙකුගේ පියෙකි.

අධ්‍යාපනය හා පූර්ව අවධිය

1945 නොවැම්බර් මස 18 වන දින වීරකැටියේ දී උපත ලද රාජපක්ෂ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඉන් අනතුරුව කොළඹනාලන්ද හා තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලයන්ගෙන් ද්විතීය අධ්‍යාපනය ලැබූ ඔහු 1974 දී කොළඹ නීති විද්‍යාලයයෙන් නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් තිබූ සුවිශේෂී උනන්දුව නිසා ම ය. 2001 දක්වා ඇමතිධූරයක් දැරූ කාල වකවානුව හැර තම පාර්ලිමේන්තු ජීවිතයේ දී පවා තංගල්ලේ සිට ඉතා කැපවීමකින් තම නීතිමය කාර්යයන් ද කර ගෙන යාමට ඔහු උත්සාහ කළේ ය.

ප්‍රතිපත්තිවලට සහ පක්ෂයට පක්ෂපාතිත්වය දැක්වීම රාජපක්ෂ දේශපාලන දර්ශනයයි. පක්ෂපාතිත්වය ඔහු තම පියාගෙන් උරුම කර ගන්නා ලද්දකි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක 1951 දී එක්සත් ජාතික පක්ෂය හැර දමා පළාත් පාලන ඇමති ධූරයෙන් සහ සභානායක පදවියෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු පසුපසින් ගොස් විපක්ෂයේ අසුන්ගත් එකම මන්ත්‍රීවරයා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ ඉන් පසුවය. ඩී. ඒ. රාජපක්ෂ එහි පුරෝගාමී කිහිපදෙනාගෙන් කෙනෙකි.

මුල්කාලීන දේශපාලන ජීවිතය

රාජපක්ෂ 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවකට 24 වෙනි වියේ පසු වූ ඔහු පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයා ය. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය.

1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි විය. එහෙත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයෙක් බව පෙන්වා දුන්නේ ය. ඔහු මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ආදර්ශමත් චරිතයකි.

නායකයෙකු වශයෙන් කීර්තියක් උසුලනු ලැබූ එතුමා 1988-1990 කාලයේ දී අතුරුදන්වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු සමඟින් එක් ව කටයුතු කළේය. ඉන්දියාවේ කල්කටා “විශ්ව භාරති” සරසවිය මගින් රාජපක්ෂට මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ප්‍රදානය කරන ලදී.

පසුගිය වසර 25 මුළුල්ලේ ම පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර සාමූහිකත්ව කමිටුවේ සභාපති වන රාජපක්ෂ මැද පෙරදිග ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීනයට හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට කටයුතු ක

වර්ෂ 1994 සිට 2001 දක්වා චන්ද්‍රිකා කුමාරතුංග රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රාජපක්ෂ එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය.

කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළ ද කුමාරතුංග රජය යටතේ එය ක්‍රියාත්මක නොවිණි. මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදි කිරීම සඳහා ක්‍රියා කරන ලදී.

ජනපති පදවිය දක්වා පැමිණීම

2002 මාර්තු  මාසයේ දී රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි. 2004 අප්‍රේල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2004 අප්‍රේල් 06 වන දින එවකට​ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කරන ලදී.

2005 නොවැම්බර් මස 17 වන දින පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත් රාජපක්ෂගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී. බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය

Home | About the Team | Our Hero | Events | Facebook | Gallery | Videos | Picture Comments | Resources | News | Contact | Privacy Policy