News
‘සංහිඳියා මහ ලේකම් කාර්යාලය’ පිහිටුවේ.. මේ වසරට කෝටි 16.6ක් වෙන් කරයි..

lanka C news
‘සංහිඳියා මහ ලේකම් කාර්යාලය’ පිහිටුවේ.. මේ වසරට කෝටි 16.6ක් වෙන් කරයි..
කැබිනට් මණ්ඩලය විසින් ‘සංහිඳියා මහ ලේකම් කාර්යාලය’ පිහිටුවීමට හා ඒ.ඒ දයානන්ද මහතා එහි පරිපාලන හා මූල්‍ය ප‍්‍රධානියා ලෙස පත් කිරීමටත් අනුමැතිය ලබා දී ඇත.

මෙම කාර්යාලය සදහා මේ වසරට රැපියල් මිලියන 166ක් අනුමත කර ඇති අතර දෙවසරක කොන්ත‍්‍රාත් කාලයට අවශ්‍ය උපකරණ හා සේවකයන් බ`දවා ගැනීමටද අනුමැතිය දී තිබේ.

2017 වසර සදහා මුදල් වෙන් කිරීම අගමැති කාර්යාලයෙන් වෙනම අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

බැඳුම්කර වංචාව ගැන සාක්‍ෂි දුන් මහ බැංකු නිලධාරීන්ට වෙනම පරීක්‍ෂණයක්.. අගමැතිම නඩු අහයි..

lanka C news
බැඳුම්කර වංචාව ගැන සාක්‍ෂි දුන් මහ බැංකු නිලධාරීන්ට වෙනම පරීක්‍ෂණයක්.. අගමැතිම නඩු අහයි..
මහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදු ව ඇති බවට චෝදනා එල්ල වන අක‍්‍රමිකතා ගැන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට මහ බැංකු ඉහළම නිලධාරීන් දැක්වූ අදහස් පරස්පර විරෝධී වීම ගැන පරීක්ෂණයක් කරන්නැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දන්වා ඇත.

එක සිද්ධියක් ගැන එකම ආයතනයක ඉහළ නිලධාරීන් විසින් පරස්පර විරෝධී අදහස් දැක්වූයේ අගමැතිවරයා දුන් උපදෙස් මත සිදු කරන පරීක්ෂණයේදී දීර්ඝ ලෙස කරුණු විමසීමට නියමිතය.

එම පරීක්ෂණයේ වාර්තාව ලද පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බැංකුවේ ඉහළම නිලධාරීන්ගේ කටයුතු ගැන ඍජුවම මැදිහත් වී කරුණු විමසීමට නියමිත බවද පැවසේ.

බැන්කි මූන් එයි.. ආ සැණින් උතුරට..

lanka C news
බැන්කි මූන් එයි.. ආ සැණින් උතුරට..
මේ මස 31 වැනිදා නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මහතා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆානි දුජාරික් පවසයි.

මෙම සංචාරයේදී මහ ලේකම්වරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්‍ෂය සමඟ සාකච්චා කිරීමට නියමිත අතර උතුරු පළාතේ සංචාරයකද නිරත වීමට නියමිතය

ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..

lanka C news
ජනාධිපති මෛත‍්‍රීට එරෙහි අල්ලස් චෝදනා ගැන ඔස්ටේ‍්‍රලියා නිල ගුවන් විදුලිය (ABC) විශේෂ වාර්තාවක් විකාශය කරයි..
ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක් විකාශය කර තිබේ.

ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇති පරීක්‍ෂණ අවසානයේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා එරට අධිකරණය හමුවේ වරදකරු වුවහොත් විදෙස් අධිකරණයකින් දුෂණ චෝදනා යටතේ වරදකරු වන ශ‍්‍රි ලංකාවේ පළමු ජනාධිපතිවරයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා වනු ඇත.

එසේම ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විදෙස් පොලීසියක් දුෂණ පරීක්‍ෂණ සිදු කරන්නේද පළමු වරටයි.

ABC වෙබ් සංස්කරණය මෙතනින්

 
Home | About the Team | Our Hero | Events | Facebook | Gallery | Videos | Picture Comments | Resources | News | Contact | Privacy Policy