Events
හදවතේ ජනාධිපති මහින්ද ප්‍රථම රැස්වීම - කැළණිය

හදවතේ ජනාධිපති මහින්ද ප්‍රථම රැස්වීම - කැළණිය
අරමුණ - කණ්ඩායමක් වශයෙන් මහින්ද මැතිතුමන්ට නැවත රට බාර දීමේ බුකියේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම
දිනය - 2016 මාර්තු 31
ස්ථානය - රෝයල් ග්‍රෑන්ඩ් හෝටලය -කැළණිය
ප්‍රධාන ආරාධිත අමුත්තන්

      පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විමල් වීරවංශ මැතිතුමා
      පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සිසිර ජයකොඩි මැතිතුමා
      ගරු දකුණු පළාත් සභා උප සභාපති සම්පත් අතුකෝරාල මැතිතුමානීතිඥ
      ප්‍රේමනාත් දොලවත්ත මැතිතුමා

      ගමනක ඇරඹුම මෙදින සිදුවිය. සිය කාලය ශ්‍රමය වැය කරමින් උපන් දේශයට නැවතත් නිදහස් නිවහල් යුගයක් උදාකරනුවස් දිවා රෑ නොබලා වෙහෙස වන පිරිසක් එකම තේමාවක් යටතේ එක්රැස් වීමේ ඇරඹුම මෙදින සිදුවිය. රටේ නාමික ජනාධිපති කවුරුන් වුවත් අප හදවත් තුල තවමත් ජනාධිපති වනුයේ මහින්ද රාජපක්ෂ මැතිදුන් නිසා එම තේමාව අප සටනේ තේමාව බවට පත්කරගතිමු. මෙම රැස්වීමට සහභාගීවීමට නොහැකිවුවත් අප හා එක්ව සටනට සහය දෙන ලොව පුරා විසිරී සිටින මහින්ද රාජපක්ෂ මැතිදුන්ට සහය දෙන ශ්‍රී ලාංකිකයින් සිය දහස් ගණනක් ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තුරය හදවතේ ජනාධිපති මහින්ද තේමාවෙන් සරසා අප හා එක්වුනි.
අලුත් අවුරුද්දට ආශීර්වාද ලබා ගැනීම හා ඉදිරිදැක්ම පිළිබද සාකච්චා කිරීමේදී

අලුත් අවුරුද්දට ආශීර්වාද ලබා ගැනීම හා ඉදිරිදැක්ම පිළිබද සාකච්චා කිරීම
අරමුණ - අලුත් අවුරුද්දට ආශීර්වාද ලබා ගැනීම හා ඉදිරිදැක්ම පිළිබද සාකච්චා කිරීම
දිනය - 2016 අප්‍රියල් 12
ස්ථානය - මහින්ද රාජපක්ෂ මැතිදුන් සමග කාල්ටන් නිල නිවසේදී

අලුත් අවුරුදු උදාවේ ආශීර්වාද ලබා ගැනීම සදහා අප විරුවන් මුණගැසීමට කාල්ටන් නිවස වෙත ගියෙමු. අප්පච්චි මුණගැසී බුලත් හුරුළු පිළිගන්වා එතුමාගේ ආශීර්වාද ලැබූ අප අප සටනේ ක්‍රියාකාරී සියලුම දෙස් විදෙස් සාමාජික සාමාජිකාවන් විසින් ඔවුන් විසින් දෙන දායකත්වය හා ඔවුන්ගේ ඇත අකුරින් ලියු අලුත් අවුරුදු සුභ පැතුම් වලින් සමන්විත මුද්‍රිත පොතක් එතුමන්ට පිලිගන්වුයෙමු. එහිදී වෙන් වෙන් වශයෙන් අප ක්‍රියාකාරීන් එතුමන්ට හදුන්වදීමක්ද සිදුවිය. අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව එතුමා හා සාකච්චා කර එතුමන්ගේ වටිනා අදහස් ලබා ගැනීමටද අපහට හැකියාව ලැබුණි.

 

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය- කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය
අරමුණ - මැයි රැලියට ජන සහභාගීත්වය වැඩි කිරීම.
දිනය - 01 මැයි 2016
ස්ථානය - කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය

මැයි දිනය ඉලක්ක කර ගනිමින් ප්‍රචාරක හා දැනුවත් කිරීම් වැඩසටහන් රාශියක් සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ රැලිය ආරම්භයට මස ගණනාවක පෙර සිට අපේ කණ්ඩායම විසින් සිදු කරන ලදී . ඒ සදහා ප්‍රොෆයිල් පින්තුර වෙනස් කිරීම, එක් එක් දිස්ත්‍රික්ක වල ජනතාව ඉලක්ක කරගනිමින් ඔවුන් රැලියට සහභාගීවීමට උනන්දු කරවීම සදහා වූ ප්‍රචාරණයක් සිදු කිරීම මෙන්ම එම දිස්ත්‍රික්ක වල ජනතා නියෝජිතයින් මුලික කරගනිමින්ද මෙම ප්‍රචාරණය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදු කළෙමු. අන්තර්ජාලයට සීමා නොවුනු අපගේ හදවතේ මහින්ද කණ්ඩායමේ සාමාජික සමාජිකාවන් , ඉතා දැඩි වෙහෙසක් ගෙන මැයි රැලියේ ප්‍රචාරක පුවරු රාශියක් නිර්මාණය කර රැලිය දිනයේ ජනතාවට ලබා දුන්නෙමු. මින් නොනැවතී රැලිය පැවැත්වෙන අතර තුර විවිධ අපහසු තත්වයන්ට පත්වූ ජනතාවට උදව් උපකාර කිරීම වැනි සේවාද අප අතින් ඉටුවිය

කඩුවෙල ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට දිවා ආහාර ලබා දීම - කඩුවෙල

කඩුවෙල ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට දිවා ආහාර ලබා දීම
අරමුණ - ගංවතුර නිසා සිය නිවාස අහිමිව ආහාරපාන සපයාගැනීමට නොහැකිව සිටි ජනතාවට සහනයක් සැලසීම
දිනය - 2016 මැයි 23
ස්ථානය - කඩුවෙල

සම්පත් දායකත්වය - අසංක රාජපක්ෂ ඇතුළු මහරගම තරුණ සංවිධානය

කඩුවෙල විපතට පත් ජනතාව වෙනුවෙන් දිවා ආහාර පාර්සල් 2500 ක් පිළියෙළ කර ලබා දීමේ වැඩසටහනට අපගේ කණ්ඩායම හා අසංක රාජපක්ෂ මහතා ප්‍රධාන මහරගම තරුණ කැල සංවිධානය ප්‍රදානත්වය ගන්නා ලදී. මෙම පිළියෙළ කර අහාර බෙදාහැරීමට එම ප්‍රදේශයට ලංවීමට සිදු වුයේ බෝට්ටු උපයෝගී කර ගනිමින් මහත් පරිශ්‍රමයක් දරාය. සිය නිවාස ජලයෙන් යටවී අහාර පිළියෙළ කරගැනීමට නොහැකිව අසරණව සිටි එම සහෝදර ජනතාවට මෙවන් සුලුහෝ උපකාරයක් කිරීමට ලැබීමද අපට සතුටකි.

අරනායකට අත හිත - අරනායක

අරනායක නාය යාමෙන් අවතැන්වූවන් හට නිමි ඇඳුම් ලබාදීම.

දිනය - 2016 මැයි 26
ස්ථානය- අරනායක ප්‍රදේශයේ අවතැන් කඳවුරු
සම්පත් දායකත්වය - අකුරැස්ස හිටපු ප්‍රාදේශීය සභා සභාපති ගරු ඉඳුනිල් ජයවීර මැතිතුමා

අපරටේ සිදුවූ දරුණුතම ස්වභාවික විපත් වලින් එකක්වන අරනායක නාය යාමෙන් විපතට පත්ව සියල්ල අහිමිවී කදවුරු වල වෙසෙන සහෝදර ජනතාවට අවශ්‍ය වූ නිමි ඇඳුම් ලබාදීමට අප කණ්ඩායමට හැකි විය. මෙම ලක්ෂ හතක් පමණ වටිනා නිමි ඇඳුම් තොගය අකුරැස්ස ප්‍රාදේශීය සභා හිටපු සහාපති ඉදුනිල් ජයවීර මැතිතුමන්ගේ සම්පත් දායකත්වයෙන් ලබා දෙනලදී. එම විපතටපත්වූ අපේම මිනිසුන්ගේ දුක් කඳුළු මදකට හෝ තුනී කරන්නට අපට හැකිවුවනම් එය අපේ අරමුණ මුදුන්පත්වීමකි.

ගං වතුරෙන් අවතැන් වූ පවුල් 47ක් සඳහා අත්‍යවශය භාණ්ඩ බෙදාදීම - හංවැල්ල

ගං වතුරෙන් අවතැන් වූ පවුල් 47ක් සඳහා අත්‍යවශය භාණ්ඩ බෙදාදීම - හංවැල්ල

දිනය - 2016 මැයි 29
ස්ථානය - හංවැල්ල වල්පිට ප්‍රදේශය
ප්‍රධාන ආරාධිත අමුත්තිය - ගරු ශිරන්ති රාජපක්ෂ මැතිණිය

ගං වතුරෙන් අවතැන් වූ අන්ත අසරණ පවුල් 2 ක් සඳහා අත්‍යවශය භාණ්ඩ බෙදාදීම - හංවැල්ල

ගං වතුරෙන් අවතැන් වූ අන්ත අසරණ පවුල් 2 ක් සඳහා අත්‍යවශය භාණ්ඩ බෙදාදීම
ගං වතුරෙන් අවතැන් වූ අන්ත අසරණ පවුල් 2 ක් සඳහා අත්‍යවශය භාණ්ඩ බෙදාදීම - හංවැල්ල
දිනය - 2016 මැයි 31
ස්ථානය - හංවැල්ල ජයමාවත ප්‍රදේශය

අමරසිරි දොඩන්ගොඩ අනුස්මරණ උත්සවය - බද්දේගම

අමරසිරි දොඩන්ගොඩ අනුස්මරණ උත්සවය - බද්දේගම

දිනය - 2016 ජුනි 04
ස්ථානය - බද්දේගම

ශ්‍රී දළදා වහන්සේ සඳහා උදෑසන කිරිපිඩු දානය පුඋජා කිරීම.- මහනුවර

ශ්‍රී දළදා වහන්සේ සඳහා උදෑසන කිරිපිඩු දානය පුඋජා කිරීම.- මහනුවර

දිනය - 2016 ජුලි 02
ස්ථානය - මහනුවර

හදවතේ ජනාධිපතිතුමන්ගේ ජපාන සංචාරය -ටෝකියෝ

හදවතේ ජනාධිපතිතුමන්ගේ ජපාන සංචාරය -ටෝකියෝ

දිනය - 2016 ජුලි 13
ස්ථානය - ටෝකියෝ - ජපානය

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව - නුවර සිට කොළඹට

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව - නුවර සිට කොළඹට

දිනය - 2016 ජුලි 28 සිට අගෝස්තු 1 දක්වා
ස්ථානය - නුවර සිට

   
   
   
Home | About the Team | Our Hero | Events | Facebook | Gallery | Videos | Picture Comments | Resources | News | Contact | Privacy Policy